කොත්තු සහ රයිස් මිල අද සිට බස්සයි

July 5, 2023

ගෑස් මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් කොත්තු, රයිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල ගණන් අද (05) දිනයේ සිට අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ඒ, අනුව කොත්තු සහ රයිස් මිල අඩු කරන ප්‍රතිශතය අද (05) පෙරවරුවේ ප්‍රක්ෂයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204.00කින්ද කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 83.00කින් සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 37.00කින්ද මිල අඩුකරනු ලදී.

t

o

p