සිම්බාබ්වේ හා ස්කොට්ලන්තය අද තීරණාත්මක තරගයක

July 4, 2023

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සත්කාරක සිම්බාබ්වේ සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තීරණාත්මක තරගය අද (04) පැවැත්වේ.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්වේ.

සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 6 දෙනාගේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ, ලකුණු 6කට හිමිකම් කියමිනි. ලකුණු 4ක් ලබා සිටින ස්කොට්ලන්තය එහි පසුවන්නේ තුන්වැනි ස්ථානයේය.

t

o

p