කොළඹ පිහිටි ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක්

July 3, 2023

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් බලපා ඇති බවයි.

මහාචාර්යවරයා මේ බව පැවසුවේ පසුගියදා ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ,

“ගිනිකොණදිග මුහුදු කලාපයේ සිදුවුණු කම්පනය ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දැනිලා තිබුණා. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයට. ඒ කියන්නේ බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට අනිවාර්යයෙන් කිසියම් බලපෑමක් ඇතිකරන්න පුළුවන් මේ ගිනිකොණදිග කලාපයේ සිදුවන කම්පනවලින්. ලංකාවේ සවුත් ඊස්ට් කලාපයේ සිදුවන කම්පන දැනෙන නිසා ඒ කලාපවල තියෙන උස් ගොඩනැගිලිවලට හානිදායක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි අත්‍යාවශ්‍යයෙන්ම කරන්න ඕන කාරණයක් තමයි ලංකාවේ තියෙන නව සහ පරණ ගොඩනැගිලි, විශේෂයෙන්ම උස් ගොඩනැගිලි වර්ගීකරණයකට ලක්කළ යුතුයි. අධ්‍යයනය කරලා ඒ අනතුරුදායක ගොඩනැගිලි හඳුනාගත්තාම අපිට සමහර වෙලාවට කිසියම් ක්‍රමවේද තියෙනවා මේවා නිවැරදි කරන්න. මම හිතන්නේ ඒ තත්ත්වයට ලංකාවේ අවධානය යොමුවිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා.”

t

o

p