දෙහිවල ජාතික සත්වෝද්‍යානය 87 වෙනි සංවත්සරය සමරයි

July 3, 2023

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට කුරුළු විශේෂයක් ගෙන ඒමට නියමිතව ඇත.

මෙම නව කුරුළු විශේෂය තායිලන්තයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගෙන ඒමට නියමිත බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේය.

අද දින දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 87 වෙනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

සත්වෝද්‍යානයේ සතුන්ට නම් තැබීම ඇතුළු විවිධ තරග කිහිපයක් අද දිනයේ සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

දීර්ඝ කාලයක් සත්වෝද්‍යානයේ සේවයකළ සේවකයින් 10දෙනෙකු වෙනුවෙන් උපහාර පිදීමක් ද සිදුකර ඇත.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදුන් බවයි.

t

o

p