Special News

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය වනසිංහ

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පසුගියදා වැඩ භාරගත්තේය. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සී. ඩී. වීරසූරිය මහතා වසර 36 ක සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගැනීම නිසා නව තනතුරට සංජය වනසිංහ මහතා පත්කර තිබේ. 1988 – 1991 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වැනි හමුදාපතිවරයා Read More

විදේශ ගමන් බලපත්‍ර පෝලිම් යුගය අවසන් – අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් 29578ක්

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. මෙයින් 5294ක් එක්දින සේවය සදහාද 24285ක් සාමාන්‍ය සේවය සඳහාද අයදුම්පත් ඉදිරිපත් කර ඇත. මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ 2023 ජූනි 15 වැනිදා ආරම්භ කෙරිණි. එදින Read More

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරටට

උසස් අධ්‍යාපන විෂය නිර්දේශය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීමට සාකච්ඡා සිදු කරමින් පවතින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි. එම විෂය නිර්දේශය අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. වැඩිදුරටත් අදහස් දක්වමින් රාඝවන් මහතා පැවසුවේ, Read More

ඇමරිකාවේ සුනාමි අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තය ආසන්නයේ සිදුවූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

කුකුළු මස් මිල පහළට

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ කුකුළු මස් කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 200 කින් පහළ ගොස් ඇති බවයි. කුකුළු මස් කිලෝවක් 1450 ක් දක්වා මිල පහත බැස ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කියා සිටියේය.

ගොවීන්ට තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ලබා දීමට කටයුතු කරයි

එළැඹෙන 2023/24 මහ කන්නයේ දී තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ වී වගා කරන ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම කාරණය සම්බන්ධව මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද Read More

අඩු ආදායම්ලාභී පවුල් වලට සහන

අඩු ආදායම්ලාභී පවුල් හදුනාගෙන ඒ අතරින් තෝරාගත් පවුල් සදහා ඉදිකරන නිවාස සංකීර්ණ හයක පිහිටි නිවාස 4074ක පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි. මෙහි මූලික අරමුණ වන්නේ කොළඹ නගරය සුහුරු නගරයක් බවට පත් කිරීම බවත් මෙම මහල් නිවාස වල ජනතාව පදිංචි කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකළ යුතු බවද අමාත්‍යවරයා Read More

පදවිප්‍රාප්ති උත්සව තහනම් කරයි

ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වේ. 2022 Read More

ආසියානු සටන් කලා ශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු සටන් කලා ශූරතා – 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම ඊයේ (14) දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. අන්තර්ජාතික සටන් කළා සම්මේලනය විසින් සංවිධානය කළ 04 වන ආසියානු සටන් කළා ශූරතා තරගාවලිය ඉකුත් 09 දින සිට 14 දින දක්වා තායිලන්තයේ පතායා Read More

අද(15) සිට බන්ඩි පොහොර මිල පහළට

අද සිට (15) බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති MOP පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට Read More

t

o

p