ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරටට

July 16, 2023

උසස් අධ්‍යාපන විෂය නිර්දේශය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීමට සාකච්ඡා සිදු කරමින් පවතින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

එම විෂය නිර්දේශය අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාඝවන් මහතා පැවසුවේ, සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් බවයි.

t

o

p