අඩු ආදායම්ලාභී පවුල් වලට සහන

July 15, 2023

අඩු ආදායම්ලාභී පවුල් හදුනාගෙන ඒ අතරින් තෝරාගත් පවුල් සදහා ඉදිකරන නිවාස සංකීර්ණ හයක පිහිටි නිවාස 4074ක පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

මෙහි මූලික අරමුණ වන්නේ කොළඹ නගරය සුහුරු නගරයක් බවට පත් කිරීම බවත් මෙම මහල් නිවාස වල ජනතාව පදිංචි කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකළ යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, පොලිස් නිලධාරීන්, භික්ෂූන් වහන්සේලා, අධ්‍යාපන නිලධාරීන්, ප්‍රවාහන කේෂ්ත්‍රයට සම්බන්ධ වූවන්ගෙන් සමන්විත කමිටුවක් මේ සදහා පත් කලයුතු බවද සදහන් කරයි.

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

t

o

p