Special News

හෙදියන් බඳවා ගැනීම ගැන ඇමතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබාදී තිබේ. මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගැටලු මතුවුවහොත් ඒ සඳහා කැබිනට් යෝජනාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බව සඳහන් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශයට අනුයුක්ත නිලධාරීන් සමඟ ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම නියෝගය Read More

වීසා ක්‍රියාවලිය සරල කරයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් දැනට ක්‍රියාත්මක වීසා ක්‍රියාවලිය සරල කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ආගමන විගමන පනත අංක. 1948 අංක 20 සහ ඒ යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට පැමිණීමේ වීසා, පදිංචි වීසා සහ සංක්‍රමණ වීසා යන වීසා වර්ග තුනක් නිකුත් කරයි. පැමිණීමේ වීසා සහ පදිංචි Read More

ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පසුගිය 21 වැනි දා ඇරඹි දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය අවසන් රන්දෝලි මහා පෙරහැර අද (30) රාත්‍රීයේ වීථි සංචාරය කෙරේ. මේ අතර අවසන් රන්දෝළි පෙරහැර හේතුවෙන් අද දිනය පුරා මහනුවර නගරයේ විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය. පෙරහැර නැරඹීමට යන සැදැවතුන් වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවා Read More

අද රෑට සුපිරි නීල සඳක්

අද දිනයේ සුපිරි සඳක් හා සුපිරි සඳක අසිරිය ජනතාවට දැක බලාගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, අද (30) දිනයේ සදෙහි විශාලත්වය 14% ක් වැඩි අතර දීප්තිය 30% කින් පමණ වැඩි බවයි. නැවත වරක් මෙවැනි සඳක් අපට දැකගත හැකි වන්නේ, 2037 ජනවාරි මාසයේ බව Read More

අස්වැසුම ගෙවන්න පමණක් අද රාජ්‍ය බැංකු විවෘතයි

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් අද (30) දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ඒ අනුව උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව තැබෙන බවයි.

රැකියා වෙළදපොළට ගැළපෙන ලෙස විශ්ව විද්‍යාලවල පාඨමාලා ප්‍රතිසංවිධානය කිරීමට උපදෙස්

සෑම ශාස්ත්‍ර පීඨයකම තොරතුරු තාක්ෂණය පිළිබද අධ්‍යයනාංශයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවද ඒ සදහා ගැසට් පත්‍රයක්ද නිකුත් කර අවසන් බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය. ඒ සදහා සුදුසුකම්ලත් ආචාර්යවරු පත් කිරීමට ද පියවර ගෙන ඇත. මේ අනුව රු මිලියන 400ක් වැය කර විශ්ව විද්‍යාල 15ක නව පරිගණක විද්‍යාගාර පිහිටවූ බව ද ඒ Read More

ලන්දේසීන් රැගෙන ගිය අපේ උරුමයන් නැවත ගෙන්වා ගැනීමට ගිවිසුමක්

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් ඊයේ(28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි. මෙම ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු Read More

තල්මසෙකුගේ සිරුරක් වස්කඩුව වෙරළ තීරයට ගොඩගසයි

වස්කඩුව වෙරළ තීරයට ඊයේ (28) පස්වරුවේ මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබේ. මෙම සත්ත්වයා අඩි 30ක් පමණ දිගකින් යුක්ත බවයි වාර්තා වෙයි. සත්ත්වයා මිය යාමට හේතුව පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ජලජ සම්පත් පර්යේෂඛ හා සංවර්ධන නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසයි.

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි Read More

ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 7ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7ක භූ කම්පනයක් සිදුව තිබේ. ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ කිලෝමීටර් 516ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇත. මුහුදු පතුලේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවත් අමෙරිකා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සඳහන් කළේ ය.

t

o

p