ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

August 30, 2023

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පසුගිය 21 වැනි දා ඇරඹි දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය අවසන් රන්දෝලි මහා පෙරහැර අද (30) රාත්‍රීයේ වීථි සංචාරය කෙරේ.

මේ අතර අවසන් රන්දෝළි පෙරහැර හේතුවෙන් අද දිනය පුරා මහනුවර නගරයේ විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

පෙරහැර නැරඹීමට යන සැදැවතුන් වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි.

t

o

p