ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබාදී තිබේ.
මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගැටලු මතුවුවහොත් ඒ සඳහා කැබිනට් යෝජනාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බව සඳහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශයට අනුයුක්ත නිලධාරීන් සමඟ ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම නියෝගය නිකුත් කර තිබුණි.