හෙට (01) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

August 31, 2023

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (01) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (31) දහවල් 12:11ට අඩප්පන්කුලම් (වවුනියා දිස්ත්‍රික්කය), දුටුවැව(අනුරාධපුර දිස්ත්‍රික්කය) සහ නිලාවේලි (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

t

o

p