සෑම ශාස්ත්‍ර පීඨයකම තොරතුරු තාක්ෂණය පිළිබද අධ්‍යයනාංශයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවද ඒ සදහා ගැසට් පත්‍රයක්ද නිකුත් කර අවසන් බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය. ඒ සදහා සුදුසුකම්ලත් ආචාර්යවරු පත් කිරීමට ද පියවර ගෙන ඇත. මේ අනුව රු මිලියන 400ක් වැය කර විශ්ව විද්‍යාල 15ක නව පරිගණක විද්‍යාගාර පිහිටවූ බව ද ඒ මහතා පැවසීය.
නවීන රැකියා වෙළදපොල පිළිබද පරීක්ෂා කිරීමේදී කලා විෂය ධාරාව වෙනුවට විද්‍යා ගණිත අංශ සදහා වැඩි අවස්ථාවක් සිසුන්ට ලබාදීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි. සිසු දරුවන්ට උසස්පෙළට විද්‍යා විෂයන් හැදෑරීමට අවශ්‍යතාව තිබුණද පාසැල් මට්ටමින් ඒ සදහා අවස්ථාව ලබා නොදීම බලවත් ගැටලුවක් බව මෙහිදී සාකච්ඡා විය.
එසේම ජාතික පාසැල් සහ පළාත් සභා පාසැල්වල ගුරුවරු ඇතුළු තොරතුරු පිළිබදව නිවැරදි දත්ත නොමැති වීම ගැටලුවක් බැවින් නිවැරදි දත්ත පද්ධතියක් සකස් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දීම සිදුවිය.
උසස්පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ලෙස කෝප් සභාපතිවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ඉදිරියේදී STEM අධ්‍යාපන වැඩසටහන ඔස්සේ පාසැල් කාණ්ඩ කොට මේ සම්බන්ධව පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිදුකරන බව ලේකම්වරයා පැවසීය. මෙහිදී පාසැල් කාණ්ඩගත කොට අවශ්‍ය සම්පත් බෙදාහදා ගැනීමට ද ජාතික පාසැල් සහ පළාත් සභා පාසැල් එකම කණ්ඩායමක් ලෙස පරිපාලන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් හ් මහතා පැවසීය. ඒ අනුව තව සති දෙකක කාලයකින් මෙම කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පාලනය පිළිබද බලය නැවත ගැසට් නිවේදනයක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට 2012 වසරේ පවරා ගෙන ඇති බැවින් මේ වන විට රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල නියාමනයක් සිදුනොවන බවට මෙහිදී ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. මේ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනයට ඇති බලතල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබාගතහොත් එය මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේද බිදවැටිීම බව ද ඒ මහතා පැවසීය.
මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු බලතල පවරා ගැනීම, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම සහ මෙම විශ්ව විද්‍යාවල ලියාපදිංචිය සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්වයට මාස තුනක් තුළ විසදුම් යෝජනා කරන ලෙස දැනුම් දුන්නේය.
මීට අමතරව දිස්ත්‍රික් කුසලතාව මත බදවා ගැනීම වැඩි කිරීම, සප්ත වාර්ෂික නිවාඩු ලබා ගෙන අධ්‍යයන කටයුතු සදහා විදේශ ගතවන අධ්‍යයන කාර්ය මණ්ඩල නැවත සේවයට වාර්තා නොකිරීම මත බැදුම්කර අයකර ගැනීම වැනි කරුණු කාරණා කෙරෙහිද අවධානය යොමු විය.