Special News

ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම වැදගත් – නියෝජ්‍ය කථානායක

ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදි පැවසීය. ඒ මහතා මේබව සඳහන් කළේ 2023 ජාතික ඇගයීම් සතිය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබූ සැසිවාරය අමතමිනි. නියෝජ්‍ය කථානායකවරායගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ Read More

පාසල් සිසුන් අතර පැතිර යන ඇස් රෝගයක්

කොළඹ පාසල් සිසුන් අතර ඇස් රෝගය සීග්‍ර ලෙස පැතිර යන බව කලාප අධ්‍යාපන කාර්යාලය අනතුරු අඟවයි.කොළඹ කලාප අධ්‍යක්ෂ පී.ආර්. දේවබන්දු සියලු විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කරන්නේ ඇස් රෝගය වැලදී ඇති සිසුන් සිටී නම් වහාම පාසල අයත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කර නිර්දේශ ලබා ගන්නා ලෙසයි. තවද එසේ පාසලේ ඇස් රෝගය වැලඳී ඇති සිසුන් සිටිනම් Read More

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමට එක්වන ලෙස පෞද්ගලික අංශයට ආරාධනාවක්

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමිනි. ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරන සතිය Read More

ඇෆ්ගනිස්ථානයේ තවත් භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ තවත් භූ කම්පනයක් සිදු වී තිබේ. හෙරාත් නගරයට කිලෝමීටර් 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ.  එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සඳහන්. භූ කම්පනයෙන් හෙරාත් ප්‍රදේශයේ ගම්මාන 12කට භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1000කට ආසන්න සංඛ්‍යාවක්ද විනාශ වී තිබේ. එසේම බටහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් භූ කම්පනයෙන් Read More

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බවයි.

ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ ( 09) සටහන් කළේය. 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සදහා ඉදරිපත් කරන ලද ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. ඒ අනුව උක්ත පනත් කෙටුම්පත 2023 අංක Read More

බම්බලපිටිය ගුවන් පාලම හදන්න ජනපතිගෙන් උපදෙස්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් කඩිනමින් ඉදිකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මාස 5ක කාලයක් ඇතුළත මෙම නව ගුවන් පාලම ඉදිකරන ලෙසට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත දැනුම් දී ඇති බව එම නිවේදනයේ සඳහන්. එම කාලය Read More

ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) සිදුකිරීමට නියමිතයි. පවුලේ ඥාතීන් දැනුම් දී ඇත්තේ රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී එදින පස්වරු 3.00ට ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන බවයි. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය ඊයේ පස්වරුවේ අංක 57, Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අද (10)ට යෙදී ඇත. ජාතියේ ආරක්ෂකයන් ලෙසින් ජනතා ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද හමුදාව 1949 ඔක්තෝබර් 10දා මෙරට ස්ථාපිත කර ඇත. එදා මෙදා තුර මාතෘ භූමියට එරෙහිව එන ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණදී ජය ගැනීමේ ශක්තිය යුද හමුදාව සතුය. විශේෂයන්ම තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධයේදී කොටි ත්‍රස්තවාදය Read More

නායයෑමේ රතු නිවේදන දීර්ඝ කෙරේ

අද (10) දිනයේ පස්වරු 4 දක්වා ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබේ. ගාල්ල,කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එමෙන්ම බදුල්ල ,කොළඹ ,ගම්පහ, හම්බන්තොට ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබේ.

t

o

p