පාසල් සිසුන් අතර පැතිර යන ඇස් රෝගයක්

October 11, 2023

කොළඹ පාසල් සිසුන් අතර ඇස් රෝගය සීග්‍ර ලෙස පැතිර යන බව කලාප අධ්‍යාපන කාර්යාලය අනතුරු අඟවයි.කොළඹ කලාප අධ්‍යක්ෂ පී.ආර්. දේවබන්දු සියලු විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කරන්නේ ඇස් රෝගය වැලදී ඇති සිසුන් සිටී නම් වහාම පාසල අයත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කර නිර්දේශ ලබා ගන්නා ලෙසයි.

තවද එසේ පාසලේ ඇස් රෝගය වැලඳී ඇති සිසුන් සිටිනම් අනෙක් සිසුන්ගෙන් වෙන් කර තබා ගන්නා ලෙසද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

t

o

p