Gallery

රාජකීයේ සිසුන් ජනපති හමු වී සුහද පිළිසඳරක

කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇති බවයි. අද දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව Read More

ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. Read More

ලෝක ප්‍රකට සූපවේදී , ගැරී මිහිගන් ශ්‍රී ලංකාවට

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා ඊයේ (27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සදහා වූ තරගාවලියක් වන ” මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා ” ( Master Chef Australia ) තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මිහිගන් මහතා ලොව පුරා Read More

චීන ජනපතිගේ විශේෂ නියෝජිත පිරිස අගමැති හමුවෙයි

දිවයිනට පැමිණ සිටි චීන ජනාධිපති විශේෂ නියෝජිත ෂෙන් යිකින් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත් ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ ය. ආර්ථික ප්‍රශ්නවලට දිගුකාලීන Read More

මඩකලපුවට නව ඇමෙරිකානු නවෝත්පාදන කේන්ද්‍රයක්

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය අද දින මඩකලපුවේදී නව ඇමෙරිකානු නවෝත්පාදන කේන්ද්‍රය (iHub) විවෘත කළ අතර, එම අවස්ථාව සඳහා විශේෂ අමුත්තකු වශයෙන් සහභාගි වූ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන් මහතා පිළිගත්තාය. එ.ජ. තානාපති කාර්යාලය සහ Dream Space Academy හි හවුල් මුලපිරීමක් වන, මඩකලපුවේ ඇතිකළ නවෝත්පාදන කේන්ද්‍රය නැගෙනහිර පළාතේ තරුණතරුණියන් සවිබලගැන්වීමට, දැනුම හුවමාරුව Read More

කලාකරුවන් 120 දෙනෙකුට සාම විනිසුරු පත්වීම්

මෙරට කලාකරුවන් වෙත සාම විනිසුරු පදවිය පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් සංකල්පයක් යටතේයී. ඒ අනුව දේශීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තම කුසලතා සහ නිර්මාණශීලීත්වය දායක වූ කලාකරුවන් 120 දෙනෙකුට වැඩසටහනේ පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනමණ ලදී. Read More

කථානායක සහ කොරියානු අග්‍රාමාත්‍ය අතර හමුවක්

කොරියානු අන්තර්ජාතික නියෝජිතායනය (KOICA) සහය දක්වන රටවල් අතර ශ්‍රී ලංකාවට නිරතුරුව ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවත් මේ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය, තාක්ෂණය ආදි ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සදහා ඉදිරියේදීත් උපරිම සහය ලබා දෙන බවත් කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩුක් සූ මහතා (Han Duck-soo) මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහතික විය. කොරියාවේ නිල සංචාරයක නිරත වන කථානායක Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රිස්වානා බෙගම් අතර හමුවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ ආසියානු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සින්ගප්පූරු නියෝජිත මහාචාර්ය රිස්වානා බෙගම් මහත්මිය අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. මෙම හමුවට (මහාචාර්ය) බෙගම් මහත්මිය සහ සිංගප්පූරුවේ නීතිඥවරියක වන විමලා චන්ද්‍රරාජන් මහත්මිය, ශ්‍රී ලංකාවේ කාන්තා ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කළ ස්වේච්ඡා තාක්ෂණික විශේෂඥ වෛද්‍ය රමණි ජයසුන්දර සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) නියෝජිතයින් Read More

යුරෝපා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් කථානායකවරයා හමුවෙයි

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති හයිඩි හෝටලා (Heidi Hautala) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කලාපයට අදාළ මෙම දූත පිරිසට පෝලන්තය, ෆින්ලන්තය, ජර්මනිය සහ ලිතුවේනියාව යන රටවලට අයත් සභිකයන් එක්ව සිටියහ. මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීම සදහා රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායකවරයා මෙහිදී Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජෝර්ජියානු කථානායකවරයා අතර සුහද හමුවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජෝරිජියානු පාර්ලිමේන්තුවේ කථානායක ශල්වා පැපුවාශ්විලි (Shalva Papuashvili) මහතා අතර සුහද හමුවක් පැවැතිවිණි. ඇන්ගෝලාවේ ලුආන්ඩාහි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 147 වැනි සමුළුවට සහභාගී වන අතරතුරදී මෙම හමුව පැවැත්විණි. දෙරට අතර ද්වී පාර්ෂවීය සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කථානායකවරු අතර අදහස් හුවමාරු විය.

t

o

p