චීන ජනපතිගේ විශේෂ නියෝජිත පිරිස අගමැති හමුවෙයි

November 22, 2023

දිවයිනට පැමිණ සිටි චීන ජනාධිපති විශේෂ නියෝජිත ෂෙන් යිකින් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත් ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ ය.

ආර්ථික ප්‍රශ්නවලට දිගුකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනයට චීනයෙන් ලැබෙන්නා වූ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා චීනය විශ්වාසයක් ලබා දී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකාව චීනයේ සමීපතම මිතුරෙකු ලෙස සලකන බවත් ෂෙන් යිකින් මහත්මිය පැවසුවාය.

දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දැකීමෙන් චීනය සතුටට පත්වන බව පැවසූ චීන රාජ්‍ය මන්ත්‍රීවරිය ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය සහතික කළේ ය.

ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය සැමවිටම පෙනී සිටින ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

t

o

p