අද (22) සවස ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ඇඹිලිපිටිය, ගොඩවෙල හරහා ඌරුබොක්ක මාර්ගය කැම්පනේ ප්රදේශයේ පස් කඳු, ගස් හා විදුලි කනු කඩා වැටීම හේතුවෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇත.
එම ප්රදේශයේ මේ වන විට විදුලිය ද බිඳ වැටී ඇති බව වාර්තා වේ.එම ප්රදේශවලට තවමත් වැසි ඇදහැලෙමින් පවතින බව සඳහන්ය.
මිට පෙර ද කිහිප අවස්ථා කිහිපයක දී මෙම මාර්ගය නාය යෑම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇත.
මීට අමතර ව ගොඩවෙල කන්ද ප්රදේශයේ ස්ථාන කිහිපයක ද පස් කඳු මාර්ගයට කඩා වැටී ඇති බව වාර්තා වේ.