කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජෝර්ජියානු කථානායකවරයා අතර සුහද හමුවක්

November 2, 2023

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජෝරිජියානු පාර්ලිමේන්තුවේ කථානායක ශල්වා පැපුවාශ්විලි (Shalva Papuashvili) මහතා අතර සුහද හමුවක් පැවැතිවිණි.

ඇන්ගෝලාවේ ලුආන්ඩාහි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 147 වැනි සමුළුවට සහභාගී වන අතරතුරදී මෙම හමුව පැවැත්විණි. දෙරට අතර ද්වී පාර්ෂවීය සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කථානායකවරු අතර අදහස් හුවමාරු විය.

t

o

p