Sports

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් COPA කමිටුවේදී නිහඬ වෙයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කිසිදු සූදානමකින් තොරව කමිටුව හමුවට පැමිණීම හේතුවෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) දැඩි අප්‍රසාදය පළ කර තිබේ. විගණකාධිපතිවරයාගේ වාර්තා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් COPA කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්ව තිබුණි. එහිදී ඔලිම්පික් තරගාවලියේ තරග සංඛ්‍යාව පිළිබඳ කෝපා කමිටුව මුලින්ම විමසා ඇති Read More

ශ්‍රී ලංකාව අපරාජිතව ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට

ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගය තියුණු ආකාරයට ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගයට සුදුසුකම් ලබාගැනීමටද සමත්විය. ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ (05) පැවැති තරගය ලකුණු 2කින් ජය ගනිමිනි. ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක Read More

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6වන තරගය ලෙස ශ්‍රී ලංකා පිල සහ ඇෆ්ගනිස්ථාන පිල සමඟ ආරම්භව විය. ඒමෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් විය. ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පිල පන්දුවාර 24ක් අවසානයේ කඩුළු 3කට ලකුණු 121ක් ලබාගෙන සිටියි. තරගය පැවැත්වෙන්නේ Read More

ලක්මව බැබළ වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගයක් ජය ගත්තේ ය. ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනි. එංගලන්තයේ චෙල්ම්ස්ෆර්ඩ්හිදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 104ක් පමණයි. ලකුණු Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අද (31) සවස 3ට පැවැත්වේ. තරගාවලියේ බී කාණ්ඩයෙන් පැවැත්වෙන පළමු තරගය මෙයයි.දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 51ක් පවත්වා ඇත. ඉන් තරග 40ක්ම ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.තරග 9ක් බංග්ලාදේශය ජය ගත්තේ ය.තරග දෙකක් අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. තරගාවලිය TV 1 Read More

ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවතට

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ පූර්ණ මැදිහත්වීම හා සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී ලංකාවට පනවා තිබූ පාපන්දු තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව මෙතැන් සිට අන්තර්ජාතික පාපන්දු තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ලැබෙනු ඇත. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඊයේ (27 ) ගත් තීරණයක් අනුව ශ්‍රී ලංකා පාපන්දු Read More

විරාත් කෝලිට අනතුරු ඇගවීමක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි “යෝ-යෝ” යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵලය අන්තර්ජාලයට මුදා හැරීම නිසා අනතුරු ඇගවීමක් සිදුකර ඇත. එම යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු රහස්‍යව පැවතිය යුතු එකක් බවත් එය නොසලකා හැර කටයුතු කිරීම නීති රීති උල්ලංඝණයක් බවත් එය බරපතළ වරදක් බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත. එම යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු Read More

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිර පළාතට

පළාත් 9ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසක් සහභාගී වූ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිර පළාතට හිමිවිය. තරගාවලියේ සමස්ත ශූරතාව බස්නාහිර පළාත දිනාගත්තේ රන්පදක්කම් 115ක්, රිදී පදක්කම් 78ක් සහ ලෝකඩ පදක්කම් 89ක් සමගින්. දෙවන ස්ථානයට පත් වූ මධ්‍යම පළාත දිනාගත් රන් පදක්කම් ගණන 39ක්. 3 වන ස්ථානයට පත් වූ දකුණු Read More

ලොව වේගවත්ම ක්‍රීඩිකාව අමෙරිකාවෙන්

2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගය පැවැත්විණ. එහිදී ඉතා තියුණු අවසානයක් සනිටුහන් කරමින් නව ලෝක ශූරිය බවට පත් වන්නට අමෙරිකාවේ ෂා කෙරි රිචඩ්සන්ට හැකි විය. ඒ ජැමෙයිකාවේ ශෙලී ඈන්, ෆෙසර් ප්‍රයිස් සහ ශෙරිකා ජැක්සන් පරාජයට පත් කරමින් ය. ඒ තත්පර 10යි දශම 65කින් තරගය නිමා කරමින් නව ලෝක Read More

කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤට

FIFA කාන්තා පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව හිමිකර ගන්නට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය. ඒ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පැවති අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ස්පාඤ්ඤ කණ්ඩායම මෙම අවසන් මහා තරගය ජය ගත්තේ ගෝල එකට බිංදුවක් ලෙසටයි.

t

o

p