ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

August 31, 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අද (31) සවස 3ට පැවැත්වේ.

තරගාවලියේ බී කාණ්ඩයෙන් පැවැත්වෙන පළමු තරගය මෙයයි.දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 51ක් පවත්වා ඇත.

ඉන් තරග 40ක්ම ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.තරග 9ක් බංග්ලාදේශය ජය ගත්තේ ය.තරග දෙකක් අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

තරගාවලිය TV 1 නාලිකාව සහ සිරස TV වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.

t

o

p