සතොසට බිත්තර පැමිණීමත් සමඟ දේශීය බිත්තර මිල පහළට

August 31, 2023

කළුතර දිස්ත්‍රික්කය පුරා ඇති සතොස වෙළෙඳසැල් 24 මඟින් දෛනිකව රුපියල් තිස්පහ බැගින් අලෙවි වන බිත්තර ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ සාමාන්‍ය වෙළෙඳසැල්වල ද මේ වන විට බිත්තර මිල පහත වැටී ඇතැයි පාරිභෝගික ජනතාව කියයි.

රුපියල් හැටක්, හැත්තෑවක් වැනි අධික මිලකට ඉහළ ගොස් තිබූ සාමාන්‍ය වෙළෙඳසැල්වල බිත්තර මිල ආනයනික සතොස බිත්තර අලෙවියත් සමඟ දේශීය වෙළෙඳපොළේ නිෂ්පාදිත බිත්තර ද රුපියල් තිස් පහක් වන මිල ගණන්වලට අඩු වී තිබෙනු දැකගත හැකි විය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ සතොස වෙළෙඳසැල්වලින් දෛනිකව බිත්තර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රුපියල් 35ක් වූ මිල ගණන්වලට අලෙවි වන බැවින් මෙලෙස සාමාන්‍ය වෙළෙඳසැල්වලද බිත්තර මිල අඩුවීමට හේතු වී ඇතැයි සතොස ප්‍රකාශකයකු සඳහන් කරයි.

t

o

p