ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් COPA කමිටුවේදී නිහඬ වෙයි

September 9, 2023

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කිසිදු සූදානමකින් තොරව කමිටුව හමුවට පැමිණීම හේතුවෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

විගණකාධිපතිවරයාගේ වාර්තා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් COPA කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්ව තිබුණි.

එහිදී ඔලිම්පික් තරගාවලියේ තරග සංඛ්‍යාව පිළිබඳ කෝපා කමිටුව මුලින්ම විමසා ඇති අතර නිලධාරීන්ට ඒ ප්‍රශ්නයට උත්තර දීගත නොහැකි වී තිබේ.

එමෙන්ම ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ දකුණු ආසියානු ක්‍රීඩා යන තරගාවලිවල තරග ඉසව් සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර ඇති බව සඳහන්.

මීට අමතරව ශ්‍රී ලංකාව එම තරගාවලි වල සිටින ස්ථානය සහ ක්‍රීඩා කරන තරග ඉසව් පිළිබඳව විමසූ අවස්ථාවේදී නිලධාරීන්ට ඒ ප්‍රශ්න සඳහාද පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

t

o

p