බංගලියන් පරදා ශ්‍රි ලංකාව ලකුණු 21 කින් ජය ගනියි

September 10, 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරග වටය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී බංග්ලාදේශය ලකුණු 21කින් පරාජය කරමිනි.

කාසියේ වාසිය හිමිකර ගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස් කරන ලදි .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48.1 කදී සියළුදෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 236ක් පමණයි.

මෙම තරඟයේ දී සදීර සමරවික්‍රම ලකුණු 93ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 50කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 40ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 18ක් ලබා ගැනීමට සමත්විය

ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ අඛණ්ඩව ලැබූ 13වැනි ජයග්‍රහණය මෙය වීම ද, විශේෂත්වයකි.

ඒ අනුව අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජය ගත් දෙවැනි කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වූ අතර එක්දින තරග රටාව තුළ අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවා ගත් කණ්ඩායම ලෙස ද ශ්‍රී ලංකාව වාර්තා අතරට එක් විය.

t

o

p