පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි දැනුම්දීමක්

September 9, 2023

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින වර්ෂාවත් සමග ගංගාවල පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර දැනුම් දෙයි.

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්ක වන්නේ කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කෑගල්ලයි.

t

o

p