ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවතට

August 28, 2023

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ පූර්ණ මැදිහත්වීම හා සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී ලංකාවට පනවා තිබූ පාපන්දු තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මෙතැන් සිට අන්තර්ජාතික පාපන්දු තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ලැබෙනු ඇත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඊයේ (27 ) ගත් තීරණයක් අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලද බව එහි මහලේකම් ෆැත්මා සමෝරා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජිකයන් වෙත ලිඛිතව දන්වා තිබේ.

t

o

p