ශ්‍රී ලංකාව අපරාජිතව ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට

September 6, 2023

ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගය තියුණු ආකාරයට ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගයට සුදුසුකම් ලබාගැනීමටද සමත්විය.

ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ (05) පැවැති තරගය ලකුණු 2කින් ජය ගනිමිනි.

ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 291කි.

ලකුණු 292ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 289ක් පමණි.

t

o

p