විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

September 6, 2023

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය බාර සහකාර පොලිස් අධිකාරී ඩි.සි. වෑවිටවිතාන මහතාගේ අධීක්ෂණය මත වැඩ බලන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ.ජී.එල්. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (05) වන දින වාලච්චේන පොලිස් වසමේ අරෆානගර්, තාන්ඩිඅඩි-නාවල්අඩි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 20 බැගින් අඩංගු පැකට් 05 ක් සන්තකයේ තබාගෙන සිටි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p