Sports

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඉහළින්ම සමත්ව ඇත්තේ දුෂ්මන්ත චමීර

මූලික සංචිතයේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටියා. එම පරිසාධන මට්ටම ඉහළින්ම සමත්ව ඇත්තේ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම පරීක්ෂණය පැවැත්වුණා. මෙම ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයේදී ක්‍රීඩකයින්ට කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දිවීමේ අභියෝගයක් හිමි වුණා. ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු හැරුණු විට සෙසු ක්‍රීඩකයින් සියලූ දෙනා Read More

ක්‍රිකට් පරිපාලනයට ඇගිලි ගැසීමට දේශපාලඥයන්ට ඉඩ දෙන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ.

මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් කෙටි, මධ්‍යම සහ දිගු කාලින වශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. මෙරට  පාපන්දු ක්‍රීඩාවේ නිරතවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 02 ක් දක්වා ඉහළ නැංවීමටද සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා කීවේය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 150 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව රැගෙන ඒම අපේක්ෂාව බවත් Read More

අද ක්‍රිකට් ක්‍රීඩාවක් නොව බිරින්දෑවරුන්ගේ ව්‍යාපාරයක් බවට පත්වී ඇත

අද වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි. ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම Read More

ක්‍රිකට් ගොඩගන්න හැදූ කමිටුවේ මුල් පුටුව අරවින්දට – හිටපු ක‍්‍රිකට් සභාපතිත් සතුටින්

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙන්ම ක්‍රිකට් සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ අරමුණින් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පත් කළ සිව් පුද්ගල ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති තනතුර අරවින්ද ද සිල්වා මහතාට හිමි වෙයි. එම කමිටුවේ සාමාජිකයන් ලෙස රොෂාන් මහනාම, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් නම් කර ඇත. Read More

19න් පහළ පාසල් ක්‍රිකට් මාර්තු 15දා සිට යළිත්

කොරෝනා හේතුවෙන් වසරකට වැඩි කාලයක් නවතා දමා තිබූ අන්තර් පාසල් 19න් පහළ ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 15 වැනිදා සිට ආරම්භ කරයි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කමල් ඉන්ද්‍රජිත් මහතා පැවසූවේ මේ වන විට තරගාවලිය පැවැත්වීම උදෙසා සියලු කටයුතු සූදානම් කොට ඇති බවයි. තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය පිහිටි ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ අවසරය ලබා ගැනීම Read More

දිල්හාර ලොකුහෙට්ටි චෝදනා 03ක් යටතේ වරදකරු

ශ්‍රී ලංකා හිටප්‍ර ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නීතියේ වගන්ති 03ක් යටතේ වරදකරු කර තිබේ. ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2.1. , 2.1.4 සහ 2.4.4 යන වගන්ති යටතේ ඔහුට මෙලෙස චෝදනා එල්ල කර තිබේ. එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චය සභාවක් ඉදිරියේ සිදු කෙරුණු විභාගයකින් අනතුරුව ඔහුව වැරදිකරු කර ඇති බව වාර්තා වෙයි.

බ්‍රසීල ගුවන් අනතුරකින් ප්‍රබල පාපන්දු ක්‍රීඩකයින් 4ක් මරුට

බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් එරට පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියගිය ක්‍රීඩකයින් අයත් වන්නේ බ්‍රසීලයේ පැල්මාස් එෆ්.සී. ක්‍රීඩා සමාජයටයි. මේ ක්‍රීඩකයින් තරගාවලියකට සහභාගී වීමට ගොස් සිටියදී කළ පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග යළි සිය ප්‍රාන්තය බලා පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් 11 වැනි ටෙස්ට් ශතකය රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් විය. ඒ, එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනයේදීයි. මැතිව්ස්ගේ 88 වැනි ටෙස්ට් තරඟය මෙය වන අතර ඔහු මේ දක්වා ලබා ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 6,179.

තිරිමාන්නගෙන් ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න සිය දෙවන ශතකය වාර්තා කිරීමට සමත්විය. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය. තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුළු 03ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 206 කි. අද දිනයේ ආරම්භක කඩුල්ල ලෙස කිසිදු ලකුණක් නොලබා සිටි ලසිත් ඇඹුල්දෙණිය Read More

එංගලන්ත – ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 421ක් ලබා ගැනීමට සමත් විය. ඒ, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 135ට පිළිතුරු වශයෙනි. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 228ක් ලබා ගත් අතර එය ඔහුගේ සිව්වෙනි ද්විත්ව ශතකය වීම විශේෂත්වයකි. ගාල්ලේදී පැවැත්වෙන මෙම තරගයේ Read More

t

o

p