ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඉහළින්ම සමත්ව ඇත්තේ දුෂ්මන්ත චමීර

February 13, 2021

මූලික සංචිතයේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටියා. එම පරිසාධන මට්ටම ඉහළින්ම සමත්ව ඇත්තේ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම පරීක්ෂණය පැවැත්වුණා.

මෙම ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයේදී ක්‍රීඩකයින්ට කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දිවීමේ අභියෝගයක් හිමි වුණා.

ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු හැරුණු විට සෙසු ක්‍රීඩකයින් සියලූ දෙනා එම පරිසාධන මට්ටම සමත් වී තිබෙනවා.

t

o

p