19න් පහළ පාසල් ක්‍රිකට් මාර්තු 15දා සිට යළිත්

February 3, 2021

කොරෝනා හේතුවෙන් වසරකට වැඩි කාලයක් නවතා දමා තිබූ අන්තර් පාසල් 19න් පහළ ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 15 වැනිදා සිට ආරම්භ කරයි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කමල් ඉන්ද්‍රජිත් මහතා පැවසූවේ මේ වන විට තරගාවලිය පැවැත්වීම උදෙසා සියලු කටයුතු සූදානම් කොට ඇති බවයි.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය පිහිටි ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වන බවත්, ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොර විය යුතු බවත් දැනුම්දී තිබේ.

කොරෝනා සම්බන්ධයෙන් ගත යුතු සියලුම ක්‍රියා මාර්ග එම කොරෝනා සම්බන්ධ කළමනාකරුට භාර වන අතර, එමඟින් පාසල් ක්‍රිකට් කණ්ඩායම තුළ කොරෝනා ව්‍යාප්තියක් සිදු නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

t

o

p