ක්‍රිකට් ගොඩගන්න හැදූ කමිටුවේ මුල් පුටුව අරවින්දට – හිටපු ක‍්‍රිකට් සභාපතිත් සතුටින්

February 6, 2021

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙන්ම ක්‍රිකට් සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ අරමුණින් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පත් කළ සිව් පුද්ගල ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති තනතුර අරවින්ද ද සිල්වා මහතාට හිමි වෙයි.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස රොෂාන් මහනාම, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් නම් කර ඇත.

මේ ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ මූලික කාර්යභාරය වන්නේ ක්‍රීඩා ඇමැතිවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳ උපදෙස් දීමය.

ක‍්‍රීඩාවෙන් සාර්ථක මහත්වරුන් ක‍්‍රිකට් තාක්ෂණික කමිටුවට තෝරා පත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්.

t

o

p