පර්ත් නගරයට ලැව් ගිනි

February 3, 2021

කොරෝනා වසංගතය නිසා වසා දමා තිබෙන බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති නගරයක් වන පර්ත් වසා දමා තිබිය දී ලැව් ගිනි තර්ජනයකට ලක් වී තිබේ.

දැඩි සුළං නිසා වේගයෙන් පැතිරී යන මේ ගින්න, කිලෝ මීටර් 75ක පමණ ප්‍රදේශයක පැතිර ගොස් ඇත, නිවාස 30ක් පමණ ගින්නෙන් විනාශ වී තිබේ.

වසා දැමීම් ක්‍රියාත්මක වෙතත් ප්‍රදේශයේ වාසය කරන ජනතාවට ආරක්ෂාව පතා ප්‍රදේශය අත්හැර පලා යන ලෙස දැනුම් දී තිබේ.

t

o

p