එංගලන්ත – ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි

January 16, 2021

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 421ක් ලබා ගැනීමට සමත් විය.

ඒ, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 135ට පිළිතුරු වශයෙනි.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 228ක් ලබා ගත් අතර එය ඔහුගේ සිව්වෙනි ද්විත්ව ශතකය වීම විශේෂත්වයකි.

ගාල්ලේදී පැවැත්වෙන මෙම තරගයේ 3වන දිනය අදයි.

t

o

p