පාර්ලිමේන්තු භෝජනාගාර වේටර්වරියකට කොවිඩ්

January 16, 2021

පාර්ලිමේන්තු විධායක ශ්‍රේණියට අයත් නිලධාරීන් ආහාර ගන්නා භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොවිඞ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම් හැර සභානයක ලේකම්, ආණ්ඩු පක්ෂ ලේකම්, විපක්ෂ නායක ලේකම්, වේත‍්‍රධාරී, නියෝජ්‍ය වේත‍්‍රධාරී හා සහකාර වේත‍්‍රධාරී ඇතුළු සියලූම අංශ ප‍්‍රධානීන් දිවා ආහාරය ලබාගනු ලබනුයේ මෙම විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් වන අතර මේ වන විට එම භෝජනාගාරයේ ආහාරපාන ගනු ලැබූ ආණ්ඩු පක්ෂ ලේකම්වරයාට හා අග‍්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයාට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවද හඳුනාගෙන ඇති බව වර්තා වේ .

t

o

p