Sports

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) පැවැත්වේ. බුලවායෝහීදී පැවැත්වෙන තරගය ක්‍රියාත්මක වන්නේ, B කාණ්ඩය යටතේයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජය ගෙන B කාණ්ඩයේ පෙරමුණේ පසුවේ. තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත් ඇති අයර්ලන්තය එම කාණ්ඩයේ Read More

ශ්‍රී ලංකාවට පහසු ජයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98කට සිමා විය. සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක්ද ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්විය. Read More

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පැවැත් වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඕමානය එක්දින් තරගය දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමුවරටයි. ඕමාන කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ බුලවායෝහීදීයි. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕමානය සමත්ව ඇති අතර, දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව Read More

සිම්බාබ්වේ ට සුපිරි ජයක්

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ තවත් තරගයක් අද (20) සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර හරාරේ නුවරදී පැවැත්වුණි. එම තරගයේදී කඩුළු 06 ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ කඩුළු 04ක් දැවී Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 175ක ජයක්

ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද (19) පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරගය ලකුණු 175ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 355ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි එක්සත් අරාබි Read More

ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වු අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනයේ ලකුණු 355 ක් ලබා ගත්තේ කඩුලු 6ක් Read More

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අද ඇරඹෙයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අද(18) සිම්බාබ්වේ හිදී ආරම්භ වෙයි. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති. කණ්ඩායම් 10ක් කාණ්ඩ 02 ක් යටතේ තරග වදින අතර අදාළ තරග 34 හරාරේ සහ බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතයි. ඒ කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය Read More

අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ඇරඹෙයි

අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භවෙයි. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ICC ලෝක ශූරතා තරගාවලියට ද අයත් තරගයක් ලෙසටය. මෙවර ටෙස්ට් තරගාවලියට තරග 5ක් ඇතුළත් වෙයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟ 9 ක් ශ්‍රී ලංකාවේ

ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ, ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා – පාකිස්ථාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බවයි. එම කවුන්සිලය අද (15) තරගාවලිය අගෝස්තු මස 31 වනදා සිට සැප්තැම්බර් මස 17 වනදා දක්වා පැවැත්වෙන බවද නිවේදනය කළේය. එනම්, තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 04ක් පාකිස්ථානයේ දීත් තරග 09ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට ආසියානු Read More

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරඟය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග ආරම්භයට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වෙයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන පුහුණු තරගය සිම්බාබ්වේහි බුලවායෝ හිදී අද පැවැත්වීමට නියමිතයි. නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පුහුණු තරගයක් හරාරේ හිදී පැවැත්වීමට නියමිත අතර අයර්ලන්තය සහ අමෙරිකාව අතර තවත් පුහුණු තරගයක් Read More

t

o

p