ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්

June 19, 2023

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වු අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනයේ ලකුණු 355 ක් ලබා ගත්තේ කඩුලු 6ක් දැවී.

කුසල් මෙන්ඩිස් සාර්ථක පිතිකරණයක නියෙලුණු අතර හතරේ පහර 10ක් සමගින් පන්දු 63කදී ලකුණු 78ක් රැස්කරන ලදි.

පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 76කදී ලකුණු 57ක් රැස්කලේ හතරේ පහර 5ක් සමඟින්,දිමුත් කරුණාරත්න පන්දු 54කදී ලකුණු 52ක් රැස්කලේ හතරේ පහර 7ක් තම ඉණිමට එක්කරමිනි.සධීර සමරවික්‍රම පන්දු 64කදී ලකුණු 73ක් රැස්කරන ලදි.

t

o

p