ශ්‍රී ලංකාවට පහසු ජයක්

June 23, 2023

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98කට සිමා විය.

සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක්ද ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න පන්දු 51කට මුහුණදුන් දිමුත් හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.

පැතුම් නිස්සංක පන්දු 39කදී නොදැවී ලකුණු 37යි.

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද නව එක්දින ක්‍රිකට් වාර්තාවක් බිහි කරන ලදි.

ඒ, පිට පිට එක්දින ක්‍රිකට් තරඟ 2කදී කඩුලු 5 බැඟින් දවා ගත් පළමු පාඳග පන්දු යවන්නා බවට පත් වෙමින්.

1983 වසරේ අසන්තද මෙල් ගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දැක්වූ පළමු පන්දු යවන්නා වන්නේද වනිඳු හසරංගයි.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයේදී වනිදු හසරංග එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට කඩුලු 6ක් බිඳ හෙලන ලදි.

ඕමානය සමඟ අද පැවති තරඟයේදී ඔහු ලකුණු 13කට කඩුලු 5ක් බිඳ හෙළමින් මෙම වාර්තාවට හිමිකම් කීය.

t

o

p