හරීන් ආවොත් මහ ඇමතිකම දෙනවා..

ඌවේ විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක් වන්නේ නම් ඔහුට පළාත් මහ ඇමති ධුරය ලබා දෙන්නට සූදානම් බව ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි. ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් විපක්‍ෂයට නොයන බවත් ඒවා විපක්‍ෂය විසින් ගෙන යන මඩ ප‍්‍රචාර බවත් මහ ඇමතිවරයා කීය.

“තුන් කල් දැක්ම” හෙළ කලාකරුවන්ගේ ප්‍රාසාංගික රැළිය

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා හෙළ කලාකරුවන් විසින් සංවිධානය කරන “තුන් කල් දැක්ම” ප්‍රාසාංගික රැළි දෙකක් හා සංගීත සංදර්ශන දෙකක් පහත දැක්වෙන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව, දිනය ස්ථානය වේලාව  01. 2014.11. 29 ගාල්ල බස් නැවතුම්පළ පරිශ්‍රය ප.ව 04.00 02. 2014.11. 30 වෙන්නප්පුව, දංකොටුවේ දී ප.ව 04.00 මෙම ප්‍රාසාංගික Read More

ජාතික ග්‍රීන්ක්‍රොස් සංවිධානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

ජාතික ග්‍රීන්ක්‍රොස් සංවිධානය මගින් පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කළ පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) මහරගම, ජාතික තරුණ සේවා සභාවේ දී  සිදු කෙරිණි.   නවීන තාක්ෂණය මනා ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා මිනිසාගේ ජීවය බදු සොබාදහම ශීඝ්‍රයෙන් විනාශ වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා Read More

කුරුණෑගල ඩී.බී. වෙලගෙදර විද්‍යාලයේ එළිමහන් ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීම

කුරුණෑගල ඩී. බී. වෙලගෙදර විද්‍යාලයේ නව එළිමහන් ශ්‍රවනාගාරය වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතින් ඊයේ (25) සුභ මොහොතින් සිසු අයිතියට පැවරිණි . මෙම අවස්ථාවට උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ජයරත්න හේරත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රනිල් සංජය, නන්දන බාලසුරිය, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්. තිලකරත්න, විදුහල්පති දසරත්න  දීපාගොඩ හා ගුරුවරුන් Read More

යුරෝපා සිනමා උළෙල හෙට සිට

යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙල හෙට (27) සිට දෙසැම්බර් 05 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. ඒ අනුව 27දා පස්වරු 6.30ට පෝලන්ත චිත්‍රපටයක් වන Papusza චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් මෙම චිත්‍රපට උළෙල ආරම්භ වන අතර මෙ දින චිත්‍රපට උළෙල ආරාධිතයන් සඳහා පමණක් Read More

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිශ්පාදන රුසියාව මිලට ගනියි

ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිශ්පාදන මිලදී ගැනිමට රුසියාව කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. රුසියාවේ පිහිවා ශ්‍රී ලංකා තානපති කාර්යාලය හා එරට කෘෂිකර්ම අමාත්‍යාංශය අතර සිදුකළ සාකච්ඡාවකින් පසුව රුසියාව මෙම තිරණයට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශ නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි.

පළාත් රැසකට වැසි

අද (25) දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට තද Read More

ඇප තැන්පත් කිරීම අද සිට

2015 ජනාධීපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අද (24) සිට අවස්ථාව සලසා දී තිබේ. දෙසැම්බර් මස 05 වනදා දක්වා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය. ඒ අනුව අද සිට ලබන මස 05 වැනිදා දක්වා සතියේ දිනවල පෙරවරු 08.30සිට පස්වරු 04.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකිය.

2015 අයවැය වැඩි ඡන්ද 95කින් සම්මතයි

2015 විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 95කින් ජයග්‍රහණය කළේ ය. කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් අනතුරුව 2015 විසර්ජන පනත් කෙටුම්පත සංශෝධිත ආකාරයෙන් සලකා බලා සම්මත කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එම අවස්ථාවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තුන්වැනිවර කියැවීම සඳහා ඉදිරිපත් කරන බව Read More

ජනපතිවරණය ප්‍රකාශයට පත්වී පැය 48යි – ප්‍රචණ්ඩ ක්‍රියා 04

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වී පැය 48 ක් තුළ ප්‍රචණ්ඩ ක්‍රියා 04 ක් වාර්තා වන බවත්, ඉන් තුනක් වෙඩිතැබීම් නිසා වහාම මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් ලංකාවට ගෙන්වන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන (කැෆේ) මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.සාමන්‍ය ක්‍රමවේදය අනුව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්වීමට යම් කාලයකට පෙර ඉල්ලීමක් කළයුතු වුවත්, ඒ සඳහා ඉල්ලීමක් කර නොතිබෙන නිසා Read More

t

o

p