කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 755 ක් දක්වා වැඩි විය. මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194 ක් ‍වෙනු ඇත. කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 553 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි. කොවිඩි නයින්ටීන් ආසාදනය වීමෙන් මෙරට සිදු වූ අට වැනි මරණය ඊයෙ(04) සවස වාර්තා විය.

රූපලාවන්‍යාගාර ආරක්ෂිත ක්‍රමවේද යට‍තේ යළි විවෘත කිරීමට උපදෙස්

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් උපදෙස් දී තිබේ. COVID-19 හේතුවෙන් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාලව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්‍රයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නිති පද්ධතිය ඇතුලත් මාර්ගෝපදේශණය සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු Read More

මනාප අංක නිකුතුවට පෙර ‘සෙල්ලං නාම යෝජනා‘ නාඩගම අවසන් කර, නව නාම යෝජනා කැදවිය යුතුයි

රජයේ නිවාඩු දින 3 ක බාරගත් නාම යෝජනා සියල්ල නීත්‍යානුකුල නොවන බැවින් මනාප අංක ලබාදීමට පෙර මෙම නාම යෝජනා අහෝසි කොට අලුතෙන් නාම යෝජනා කැදවිය යුතු  යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් මහතා පවසයි. මහා මැතිවරණය නාම යෝජනා බාර ගැනීම සිදු විය යුත්තේ ‘නාම යෝජනා කාර්ය පටිපාටිය‘ ට අනුවය. නමුත්, ඉතා පැහැදිලිව ජූනි 30 ට Read More

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

ජාතික වෙසක් සතිය අදින්(04) ආරම්භ වෙනු ඇත. ඒ අනුව අද දිනයේ සිට එළඹෙන 08 වනදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේය. මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් පවතින වෛරස් රෝග තත්ත්වය හමුවේ සීමිත පිරිසක් මෙම ජාතික උත්සවය සඳහා එක්කර Read More

පාසැල් විවෘත කරන දවස අධ්‍යාපන ඇමති කියයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන බළකායේ උපදෙස් හා නිර්දේශ මත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. මැයි 11 වැනි දින පාසැල් විවෘත කිරීමට කලින් තීරණය කර තිබුණ ද ඒ ගැන නිශ්චිතවම කිව හැක්කේ අදාල උපදෙස් මත පමණක් යැයිද ඔහු පැවසීය.

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් උපදෙස්

මහ මැතිවරණය පැවැත්වීම සඳහා නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම අවශ්‍ය වන බව නීතිපතිවරයා, මැතිවරණ කොමිසමට උපදෙස් ලබාදී තිබේ. ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටි උපදෙස්වලට ප්‍රතිචාර දක්වමින්ය.

මත්කුඩු වලට ඇබ්බැහිවූවන් වෙනුවෙන් හදුන්වාදුන් දුරකථන අංකයට ඇමතුම් 14,000 ක්

මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ට උපකාර කිරීම සදහා හදුන්වාදී ඇති දුරකථන අංකයට මේ දක්වා ඇමතුම් 14,000 ක් පමණ ලැබී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් මේ වන විට මත්කුඩු ව්‍යාපාරයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. ඇදිරි නීතිය පැනවීමත් සමග ආරක්ෂක අමාත්‍යංශය විසින් 0710 301 301 යන දුරකථන අංකය හදුනාදෙනු Read More

අගමැතිවරයා කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම  වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. අගමැතිවරයා විසින් කැඳවන ලද මෙම රැස්වීම සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225දෙනාට අමතරව ඊට පෙර විශ්‍රාමික සියලු මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන ක්‍රියාකාරීන්ටත් අරාධනා කර තිබෙන බව කී මහලේකම් වරයා මෙවැනි රැස්වීමකදී අර්ථවත් සංවාදයක් පැවැත්වීය නොහැකි Read More

දේශීය කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිලට සාපේක්ෂව දේශිය කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභොගික සේවා අධිකාරියේ අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව දේශිය වශයෙන් නිපදවන කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 85කින් මිල ඉහළ නංවා ඇති බවයි පාරිභොගික සේවා අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දේශිය වශයෙන් නිපදවන කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 860 ක්ව පැවති අතර එහි නව මිල වන්නේ රුපියල් 945ක්

යුරෝපා රටවල් කොරෝනා ව්‍යසනයත් සමග පනවනු ලැබූ සීමා ලිහිල් කිරීමට සැරසේ

නව කොරෝනා ව්‍යසනයත් සමග පනවනු ලැබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට යුරෝපා රටවල් කටයුතු කරමින් සිටිනවා. සති 07කට පසු පළමු වරට එළිමහනේ ව්‍යායාම කිරීම සඳහා වැඩිහිටියන්ට අවසර ලබාදීමටයි ස්පාඤ්ඤය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ස්පාඤ්ඤයේ බොහෝ වීථී වල අද පෙරවරුවේ වැඩිහිටියන් ව්‍යායාම්වල යෙදී සිටිනු දක්නට ලැබුණා.

t

o

p