මත්කුඩු වලට ඇබ්බැහිවූවන් වෙනුවෙන් හදුන්වාදුන් දුරකථන අංකයට ඇමතුම් 14,000 ක්

May 4, 2020

මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ට උපකාර කිරීම සදහා හදුන්වාදී ඇති දුරකථන අංකයට මේ දක්වා ඇමතුම් 14,000 ක් පමණ ලැබී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට මත්කුඩු ව්‍යාපාරයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

ඇදිරි නීතිය පැනවීමත් සමග ආරක්ෂක අමාත්‍යංශය විසින් 0710 301 301 යන දුරකථන අංකය හදුනාදෙනු ලැබුවේ මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට උපකාර කිරීම සදහායි.

t

o

p