2015 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකාවට යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට වැය වූ මුදල රුපියල් බිලියන 1196.8 ක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ, දේශීය වශයෙන් මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා වත්මන් රජය අවධානය යොමු කර ඇති බවයි. යන්ත්‍රෝපකරණ ආනයනය සඳහා විශාල මුදලක් වැයවීම මඟින් පෙනි යන්නේ දේශීය වශයෙන් මෙම කර්මාන්තය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව යැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංහ්‍රහය සංශෝධනයට පියවර – වනජීවී හා වන සං‍රක්ෂණ ඇමති

ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා  වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය. වර්තමානයේ දී සත්ව ඝාතනය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවත්, සත්ව ඝාතකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජයන්ත වීරසිංහ මහතා කාරක සභාවේ දී අවධාරණය කළේය. Read More

බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට මුහුදු යාම පිළිබද තවදුරටත් අනතුරු අගවයි.

කෙසේ වෙතත් මෙම  පද්ධතිය හේතුවෙන් කොළඹ සිට පුත්තලම, කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම මුහුදු කලාපයේ තවදුරටත් ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේ දී මේ පිළිබද සැළකිල්ලක් දක්වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඇතිවිය Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ජන්ද 132 කින් සම්මතයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ජන්ද 132 පාර්ලිමේන්තුවේ දී අද (03) සම්මත විය. ඊට පක්ෂව ජන්ද 137 ලැබුණු අතර, විපක්ෂව ජන්ද 05 ක් හිමි විය. අය වැය කාරක සභා අවස්ථාවේ විවාදය 10 වන දිනටත් අද පැවැති අතර, එහි දී ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීරෂ විවාදයට ගැනුණි. විවාදය අවසානයේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් Read More

කුෂානි රෝහණදීර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට

නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර තිබේ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ නිර්දේශය මත, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ නීල් ඉද්දවල මහතා අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා Read More

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානයකින් කොවිඩ් ආසාදිතයන් 11 ක්

කුරුණෑගල මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකින් පමණක් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු පිළිබඳව අද (3) වාර්තා වී ඇත. කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් එක් වර මෙතරම් කොරෝනා ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයවේ. මෙම ව්‍යාපාරික ස්ථානයෙන් මීට පෙරද එක් ආසාදිතයෙකු වාර්තා වී තිබූ අතර මේ අනුව ආසාදිතයින් 12 දෙනෙකුම එම ව්‍යාපාරික ස්ථානයෙන් මේවනවිට වාර්තා වී Read More

මානසික රෝග බෙහෙත් වලින් මිනිසුන් ප්‍රචණ්ඩ වෙනවා නම් ඇල් වතුරෙන් ගින්දරත් දැල්වේවි

මානසික රෝග සඳහා නිර්දේශ කරනු ලබන ඇතැම් ඖෂධ වර්ග භාවිතයෙන්පුද්ගලයන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරිය හැකි යැයි පැවසෙන පුවතක් මේ දිනවල සමාජය පුරාශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. මේ තත්වය යටතේ විවිධ මානසික රෝග සඳහා ඖෂධප්‍රතිකාර ගන්නවුන් තුළ සේම ඔවුන්ගේ පවුල් වල ඥාතීන් තුළ ද ඒ හා සම්බන්ධබරපතල කුකුසක් හට ගෙන ඇත. මේ අතර මෙම විශ්වාසය මත පදනම් ව Read More

මහර බන්ධානාගාර ගැටුම ගැන වෛද්‍යවරයෙක් ඇතුළු 26 ගෙන් ප්‍රකාශ ගනී

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් 26 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. බන්ධනාගාරය තුළ ඉකුත් 29 දා ඇති වූ ගැටුමෙන් රැදවියන් 09 දෙනෙකු මිය ගිය අතර බන්ධනාගාර නිලධාරින් ද ඇතුළුව 76 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඒ සම්බන්ධයෙන් Read More

සුළි කුණාටුව අද රාත්‍රී 7 ත් 10 ත් අතර රට තුළට ඇතුළු වේ – කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

“බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ලංකාවේ ඊශානදිග වෙරළෙන් අද (02) රාත්‍රී 7.00 – 10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මේ වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 100 ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතින Read More

සියළු රාජ්‍ය ආයතන නියමිත කාල සීමාව තුළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කල යුතුයි – කෝප් කමිටුව

නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුුතු බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තීරණය කර තිබේ. කොප් කමිටුවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විසින් ලිඛිතව  සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මේ බව දන්වා යවා ඇති අතර, තම අමාත්‍යාංශයන් යටතේ පවතින රාජ්‍ය ආයතන සෑම මුදල් වර්ෂයක් Read More

t

o

p