මානසික රෝග සඳහා නිර්දේශ කරනු ලබන ඇතැම් ඖෂධ වර්ග භාවිතයෙන්
පුද්ගලයන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරිය හැකි යැයි පැවසෙන පුවතක් මේ දිනවල සමාජය පුරා
ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.
මේ තත්වය යටතේ විවිධ මානසික රෝග සඳහා ඖෂධ
ප්‍රතිකාර ගන්නවුන් තුළ සේම ඔවුන්ගේ පවුල් වල ඥාතීන් තුළ ද ඒ හා සම්බන්ධ
බරපතල කුකුසක් හට ගෙන ඇත. මේ අතර මෙම විශ්වාසය මත පදනම් ව මානසික රෝග සඳහා
නිර්දේශ කරනු ලබන ඖෂධ වැලකී සිටීම සඳහා වන සමාජමය නැඹුරුවක් ඇති වීමේ
පැහැදිලි අවදානමක් ද තිබේ.
එබැවින් ඒ සම්බන්ධයෙන් විමසුම් කිරීම කාලීන
වශයෙන් වැදගත්ය. ප්‍රචණ්ඩත්වය යනු මිනිස් තිරිසන් සැමට එක සේ පොදු සත්ව
ආවේගයකි.එමෙන්ම ඒ සඳහා මුල් වන හේතු ද බොහොමයකි. තම ජීවිත පැවැත්ම කෙරෙහි
තර්ජනයක් හෝ අවදානමක් පැන නැඟී ඇති විටෙක ඉන් අත් මිදීමේ ක්‍රමෝපායක් ලෙස
ද මිනිසුන් සේම සතුන් ද ප්‍රචණ්ඩ වන අවස්ථා සුලබ ය. මුළුමනින්ම අවිහිංසක සේ
සැලකෙන මුවන් ආදී සතුන් පවා තම ජීවිතයට මරණීය තර්ජනයක් එල්ල වූ සැනින්
ප්‍රචණ්ඩත්වය මුදා හැර ඉන් අත් මිදීමට වෙර දැරූ අවස්ථා කොතෙකුත් වාර්තා
වී තිබේ.
ප්‍රචණ්ඩත්වය යනු මිනිස් තිරිසන් සැමට එක සේ පොදු සත්ව
ආවේගයකි. එමෙන්ම ඒ සඳහා මුල් වන හේතු ද බොහොමයකි. තම ජීවිත පැවැත්ම කෙරෙහි
තර්ජනයක් හෝ අවදානමක් පැන නැඟී ඇති විටෙක ඉන් අත් මිදීමේ ක්‍රමෝපායක් ලෙස
ද මිනිසුන් සේම සතුන් ද ප්‍රචණ්ඩ වන අවස්ථා සුලබය. මුළුමනින්ම අවිහිංසක සේ
සැලකෙන මුවන් ආදී සතුන් පවා තම ජීවිතයට මරණීය තර්ජනයක් එල්ල වූ සැනින්
ප්‍රචණ්ඩත්වය මුදා හැර ඉන් අත් මිදීමට වෙර දැරූ අවස්ථා කොතෙකුත් වාර්තා
වී තිබේ.
ඒ හැරුණු කොට ඉතා සුළු කරුණකදී වුව ප්‍රචණ්ඩත්වයට යොමු වන පෞරුෂයකින්
යුතු වූවෝ ද අප සමාජයේ සිටිති. ඒ සඳහා මොළයේ ජෛව රසායනික, ඓන්ද්‍රීය සහ
සමාජමය සාධක ද ඉවහල් වේ. තමන් කැමති ජීවන රටා වලින් සහ තමන්ට හුරුපුරුදු
පරිසරයන්ගෙන් ඉවත් කරනු ලැබූවන් මෙලෙස පහසුවෙන් ප්‍රචණ්ඩත්වය කෙරෙහි යොමු
වීමේ වැඩි අවදානමක් පළ කරන බව ඒ සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරනු ලැබූ
පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. එනිසා එම අවදානමට පහසුවෙන් ලක් විය හැකි
බන්ධනාගාර රැඳවියන් ආදීන්ගේ මානසික පුනරුත්ථාපනය සහ යහ පැවැත්ම උදෙසා ලොව
බොහෝ රට වල විධිමත් මනෝ විද්‍යාත්මක වැඩ සටහන් ක්‍රියාත්මක කොට තිබේ. මේ
අතර සමාජ විරෝධී පෞරුෂයන් සහ ඒ හා සබැඳි මානසික අර්බුදයන්ගෙන් පෙළෙන්නෝ ද
ප්‍රචණ්ඩත්වය කෙරෙහි පහසුවෙන් යොමු වෙති.
ලොව වෙසෙන බුද්ධිමත් ම ජීවියා වශයෙන් සැලකෙන මිනිසා ගේ අයිතිවාසිකම්
පාරාසය ද අති විශාලය. තමන් ගේ ජීවිත විෂයෙහි බලපවත්නා මානව
හිමිකම්, දේශපාලනමය සහ වෘත්තීය අයිතීන් උදෙසා අරගල කිරීමේ දී, සටන් වැදීමේ
දී මිනිසුන් තුළ පවත්තා ස්වාභාවික ආවේගයක් වන ප්‍රචණ්ඩත්වය පහසුවෙන්
පිබිදිය හැක. සන්නද්ධ අරගල නමින් යුතු ප්‍රචණ්ඩත්වය පදනම් කර ගත් ක්‍රියා
සහ ඇතැම් විට ගරිල්ලා සටන් ව්‍යාපාර පවා ලොව බිහි ව ඇත්තේ ඒ අනුව ය.
මේ අතර සමහරු තමන් විසින් මුල් බැස ගන්නා ලද මතවාද අන්‍යයන් හමුවේ තහවුරු
කරවීම පිණිස ද ප්‍රචණ්ඩත්වය පළ කරති. මෙහි විස්මයට කරුණ වන්නේ ද ඇතැමෙකු
ශිෂ්ටාචාරය මත පදනම් වන ආගමික සංස්කෘතික කරුණු තහවුරු සහ ව්‍යාප්ත කිරීම
පිණිස ද ශිෂ්ටාචාරයට පටහැනි ප්‍රචණ්ඩත්වය ඉස්මතු කර ගැනීමය. මීටත් අමතරව
පෞරුෂමය වශයෙන් ප්‍රබලත්වයක් පළ නොකරන සමහරකු තමන්ට වඩා ප්‍රබල
පෞරුෂයකින් යුතු පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක අභිමතයකට, විධානයකට හෝ
ක්‍රියාන්විතයකට අවනතව ප්‍රචණ්ඩත්වයට යොමු වීමේ පහසු හැකියාවක් තිබේ. ඒ
ආකෘතියේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් මීට දශකයට පෙර අප රටේ දේශපාලන ක්ෂේත්‍රයේ
ද වර්තමානයට වැඩි ප්‍රමාණයක් දක්නට තිබිණ. විවිධ අරමුණු වෙනුවෙන් යම් යම්
පුද්ගල කණ්ඩායම් වල ඒකරාශීත්වයෙන් මතු වන පොදු ආවේගයන් මුල් කොට ගත්
කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය පිළිබඳව ද අප මෙහි දී අමතක කළ යුතු නැත. එහි දී එම
පුද්ගල කණ්ඩායම් අතර ඇති වන අන්තර් සංනිවේදන සහ අන්තර් ක්‍රියාකාරකම් වල
අවසන් ප්‍රතිඵලය වනුයේ එම සමූහ ක්‍රියාකාරකම් මඟින් අනපේක්ෂිත
ප්‍රචණ්ඩත්වයක් පැන නැඟීමය.
මේ අතර දිගු කාලීන වශයෙන් මත් පැන්, විශේෂයෙන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි
වූවන් එක් වරම ඒවායින් ඉවත් කරවීමේ අතුරු ඵලයක් ලෙස ද ඔවුන් ප්‍රචණ්ඩකාරී
ලක්ෂණ පළ කළ හැක. නමුදු එම තත්වයන් දුරලන නවීන විද්‍යාත්මක ක්‍රම කොතෙකුත්
තිබේ. ඒ හැරුණු කොට භින්නෝන්මාදය, ද්වි අග්‍ර රෝගය වැනි මානසික රෝග සඳහා
වන ඖෂධ භාවිතා කරමින් සිට ඒවා අතරමැද
නතර කිරීමෙන් ද එම රෝග ලක්ෂණ උත්සන්න වීම් වශයෙන් එම රෝගීන් තුළින්
ප්‍රචණ්ඩත්වය ඉස්මතු විය හැක.
ඒ හැරුණු කොට මානසික රෝග සඳහා වෛද්‍ය වරුන් විසින් නිර්දේශ කරනු ලබන ලොව
නිෂ්පාදිත කිසිදු පිළිගත් ඖෂධයක් නීරෝගී හෝ මානසික රෝගයකින් පෙළන අයකු
භාවිතා කිරීමෙන් ප්‍රචණ්ඩත්වය ඇතුළු වෙනයම් කිසිදු මානසික රෝග ලක්ෂණයක් පළ
නොකරන බව ඒකාන්ත වශයෙන්ම කිව හැක. එමෙන්ම එම ඇතැම් ඖෂධ තුළ පවත්නා නිද්‍රා
ජනක බව නිසා ඔවුන් තුළ පවත්නා ආවේග සමනය වී යම් නිදිබර බවක් නම් ඇති විය
හැක. එබැවින් මේ සම්බන්ධයෙන් අවසන් වශයෙන් කීමට ඇත්තේ මානසික රෝග සඳහා
දෙනු ලබන ඖෂධ මඟින් යමකු ප්‍රචණ්ඩ වන්නේ නම් නිවන ඇල් දිය යොදා
ගින්නක් දැල්වීමට ද හැකි විය යුතු බවය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සමග සාකච්ඡා කළේ තිලක් සේනාසිංහ