මහර බන්ධානාගාර ගැටුම ගැන වෛද්‍යවරයෙක් ඇතුළු 26 ගෙන් ප්‍රකාශ ගනී

December 3, 2020

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් 26 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

බන්ධනාගාරය තුළ ඉකුත් 29 දා ඇති වූ ගැටුමෙන් රැදවියන් 09 දෙනෙකු මිය ගිය අතර බන්ධනාගාර නිලධාරින් ද ඇතුළුව 76 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු පොලිස්පති සී.ඩි වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් අතර ඔවුන් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මහර බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් 08 දෙනෙකු, පිරිමි හෙද නිලධාරීන් 2 නෙකු, බන්ධනාගාර ප්‍රධාන ජේලර් ඇතුළු නිලධාරින් 10 දෙනෙකු, රෝහල් ගතකොට සිට බන්ධනාගාරයට පැමිණි රැදවියන් 06 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

බන්ධනාගාර අලාභහානි සම්බන්ධයෙන් ද මේ වන විට තක්සේරුවක් ගෙන ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා රැදවියන්ට අමතර පිරිසක් මීට සම්බන්ධ වුනේද, කව්රුන් හෝ රැදවියන් කුපිත කළේද යන්න පිළිබද පරික්ෂණ පවත්වන බවද ඔහු පැවසීය.

t

o

p