සියළු රාජ්‍ය ආයතන නියමිත කාල සීමාව තුළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කල යුතුයි – කෝප් කමිටුව

December 2, 2020

නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුුතු බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තීරණය කර තිබේ.

කොප් කමිටුවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විසින් ලිඛිතව  සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මේ බව දන්වා යවා ඇති අතර, තම අමාත්‍යාංශයන් යටතේ පවතින රාජ්‍ය ආයතන සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට දින 150ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි සිය වාර්ෂික වාර්තා සකස් කළ යුතු බව එහි සඳහන් වේ.

පසුගිය නොවැම්බර් 24 වැනිදා රැස්වූ කෝප් කමිටුව රාජ්‍ය ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් නියමිත කාල සීමාව තුළදී වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට එවා නොමැති බවට නිරීක්ෂණය කර තිබේ.

මේ හේතුවෙන් බොහෝ විට ලැබෙන වාර්ෂික වාර්තා වල යල් පැන ගිය තොරතුරු ඇතුළත් වන බවත් ඒ හේතුවෙන් නිසි කාලසීමාවන්හිදී අදාල වාර්තාවල දත්තයන්ට අනුව පියවර ගැනීමට නොහැකි වී ඇති බවත් කෝප් කමිටුව නිරීක්ෂණය කර තිබේ.

මේ බව තම අමාත්‍යාංශයන් යටතේ ඇති සියළුම ආයතන වල සභාපතිවරුන්ට සහ ප්‍රධානීන්ට වහා දන්වන ලෙසද මහාචාර්ය හේරත් මහතා යැවූ ලිපියේ සඳහන් වේ.

t

o

p