අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

December 1, 2020

අපොස සාමාන්‍ය පොළ විභාගය රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (01) ප්‍රකාශ කළේය.

ඒ අනුව 2021 ජනවාරි මස 18 වන දින ඇරඹීමට තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය, එදිනට ආරම්භ කිරීමට නොහැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනාවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.

කෙසේවෙතත් රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සති දෙකෙන් දෙකට විශ්ලේෂණය කර බලමින්, විභාගය පැවැත්වීමට ඇති ඉඩකඩ සොයා බලන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින දරුවන්ට එයට සුදානම් වීමට අවශ්‍ය කාලය ලබා දෙමින් සති 6කට පෙර විභාග දිනය ප්‍රකාශයට පත්කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

t

o

p