ක්‍රිකට් ක්‍රිඩක ධනංජයගේ පියා ඝාතනය කළ සැකකරු අබුඩාබි හීදි අල්ලයි

December 1, 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන රංජන් සිල්වාගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කරන ධර්මසිරි පෙරේරා නැමැත්තා අබුඩාබි හි දී ඉන්ටර්පෝල් ආයතනය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (01) ප්‍රකාශ කළේය.

2018 මැයි මස 24 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය වූ බවත් ඊට සැක කරන ධර්මසිරි පෙරේරා නැමැත්තා රටින් පලාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින බව දැනගන්නට ලැබුණු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඔහු මෙරට තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු බව අනාවරණය වූ බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අධිකරණයෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගත් බවද කීවේය.

එය ඉන්ටර්පෝල් ආයතනයට ලබාදී රතු නිවේදනයක් ලබාගත් බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එම රතු නිවේදනය ඉන්ටර්පෝල් ආයතනය මගින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යය වෙත යොමු කර තිබු බවද පැවසීය. ඒඅනුව අබුඩාබි පොලිසිය පෙරේදා (29) සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

මොහු රන්ජන් සිල්වා ඝාතනයේ ප්‍රධාන මෙහෙයුම්කරු බවට අනාවරණය වී ඇති බැවින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද කී මාධ්‍ය ප්‍රකාශකවරයා මෙරට අපරාධ කළ බොහෝ දෙනෙක් අබුඩාබි, ඩුබායි රාජ්‍යයන්ට පලා යනබැවින් ඒ සෑම දෙනාටම විරුද්ධව ඉන්ටර්පෝල් ආයතනය හරහා රතු නිවේදන ලබාගැනීමට කටයුතු කරන බවද පැවසීය.

t

o

p