ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ජන්ද 132 කින් සම්මතයි.

December 4, 2020

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ජන්ද 132 පාර්ලිමේන්තුවේ දී අද (03) සම්මත විය. ඊට පක්ෂව ජන්ද 137 ලැබුණු අතර, විපක්ෂව ජන්ද 05 ක් හිමි විය.

අය වැය කාරක සභා අවස්ථාවේ විවාදය 10 වන දිනටත් අද පැවැති අතර, එහි දී ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීරෂ විවාදයට ගැනුණි.

විවාදය අවසානයේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ජන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, ඒ අනුව ජන්ද විමසීම පැවැත්විණි.

සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතාට අමතරව , ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෛක්කලනාදන් ,ගෝවින්දන් කරුණාහරන් සහ විනෝ නෝගරාදලිංගම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධව ජන්දය භාවිත කළහ.

ජන්දය දෙන අවස්ථාවේ දී සමඟි ජන බලවේගය නියෝජනය කළ ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයා පමණක් සභා ගර්භයේ රැදී සිටිමින් වැය ශීර්ෂයට පක්ෂව ජන්දය භාවිත කළේය.ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු ද  සභා ගර්භයේ රැඳී නොසිටියහ.

t

o

p