අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ. රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

හර්තාලයෙන් රටම අඩපණයි

ආණ්ඩුවට එරෙහිව අද (06) දිනයේ අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය  දෙමින් රට පුරා කඩ සාප්පු වසා දමා ඇතැම් ස්ථානවල කලු කොඩිද ඔසවා දමා ඇති බව දකින්නට ලැබේ. එමෙන්ම පෞද්ගලික, රාජ්‍ය අංශ පිරිස්ද සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව මෙම හර්තාලයට සහය දක්වති. පොදු ප්‍රවාහන සේවාද මුළු මනින්ම අඩාල වී තිබේ.

වෘත්තීය සමිති 2000 ක් අද හර්තාලයේ

ආණ්ඩුවට එරෙහි රට පුරා අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි. එහි කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුලු ප්‍රධාන වෘත්තිය සමිති රැසක්ද වන බවයි.

දුම්රිය හා බස් නවතී

හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වූ බව එම සංගම් ප්‍රකාශ කරයි.

හොරු ගෝ ගම පිහිටුවයි

ගෝඨාගෝගම, මයිනාගෝගම පිහිටවූ අරගලකරුවෝ ඊයේ (5) රාත්‍රී පටන් ‘හොරුගෝගම’ නමැති අලුත් ස්ථානයක් පිහිටුවන්නට ක්‍රියාකර තිබේ. මේ සදහා තෝරාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසුම් ස්ථානයයි. වත්මන් රජය ක්‍රියාත්මක ප්‍රධාන මර්මස්ථාන තුනක් වන විධායක බලය හිමි ජනපතිගේ හා අගමැතිගේ කාර්යාල දෙකත් ව්‍යවස්ථාදායක බලය හිමි පාර්ලිමේන්තුවත් විරෝධතාකරුවන්ගේ කඳවුරු පිහිටවූ තැන් බවට පත් කරගෙන ඇති අතර අරගලය දිගටම Read More

අද පාර්ලිමේන්තුව තීරණාත්මකයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ. රජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අයෙකු පත්කර ගැනීමට ද නියමිත බව සඳහන්ය. ඉදිරි දිනවල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පාකිස්තානයට සවුදියෙන් සහන පැකේජයක්

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා, ආහාර මිල සහ උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින පාකිස්තාන ජනතාව වෙනුවෙන් එරට රජයට අමෙරිකා ඩොලර් බිලියන 8ක සහන පැකේජයක් පිරිනැමීමට සවුදි අරාබිය එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. අදාළ සහන පැකේජය කඩිනමින් පිරිනැමීමට සවුදි අරාබිය කටයුතු සූදානම් කරමින් සිටී.

දේශීය සහල්වලට උපරිම සිල්ලර මිලක්

දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. සුදු හා රතු සම්බා දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 230ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. දේශීය කීරි සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස මිලක්ද සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා යථා තත්ත්වයට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්ත්වයට පත්කර ඇත. ඒ අනුව අද (04) ක්‍රියාත්මකවන සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවාවන් ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අද දිනයේ නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඊයේ (03) නිවේදනය කර තිබුනි.

රුසියානු සංචාරයෙන් පසු එ.ජා. මහලේකම් යුක්‍රේනයට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්‍රේනයට පැමිණ තිබේ. ඒ, රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුවයි. රුසියානු සංචාරයේදී තමා යුක්‍රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා කළ බව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.

t

o

p