අද පාර්ලිමේන්තුව තීරණාත්මකයි

May 4, 2022

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ.

රජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අයෙකු පත්කර ගැනීමට ද නියමිත බව සඳහන්ය.

ඉදිරි දිනවල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

t

o

p