හොරු ගෝ ගම පිහිටුවයි

May 6, 2022

ගෝඨාගෝගම, මයිනාගෝගම පිහිටවූ අරගලකරුවෝ ඊයේ (5) රාත්‍රී පටන් ‘හොරුගෝගම’ නමැති අලුත් ස්ථානයක් පිහිටුවන්නට ක්‍රියාකර තිබේ.

මේ සදහා තෝරාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසුම් ස්ථානයයි.

වත්මන් රජය ක්‍රියාත්මක ප්‍රධාන මර්මස්ථාන තුනක් වන විධායක බලය හිමි ජනපතිගේ හා අගමැතිගේ කාර්යාල දෙකත් ව්‍යවස්ථාදායක බලය හිමි පාර්ලිමේන්තුවත් විරෝධතාකරුවන්ගේ කඳවුරු පිහිටවූ තැන් බවට පත් කරගෙන ඇති අතර අරගලය දිගටම ක්‍රියාත්මකය.

t

o

p